ගෑහැණු පුදුම ආදරයක්නේ රාජපක්ෂලාට තියෙන්නේ

Share

මේ මොහොතේ පත්ව ඇති ව්‍යසනයෙන් රට මුදා ගත හැක්කේ මහින්ද රාජපක්ෂ මහතාගේ දැක්ම ඉදිරියට ගෙන යාමට හැකි නායනයෙකුට පමණක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

කටාන ආසනයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු කාන්තා බල මණ්ඩලය පිහිටුමේ අවස්ථාවට ඊයේ (14) එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

පොදුජන පෙරමුණේ අපේක්ෂකයා විය යුත්තේ ජනතාව ඉල්ලා සිටින අයෙක් බව පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ මතය බව ඒ මහතා ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත් එම අවස්ථවේ රැස්වී සිටි අය උස් හඬින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම කියා සිටි අතර එහිදී ප්‍රසන්න රණතුංග මහතා “ගෑහැණු පුදුම ආදරයක්නේ රාජපක්ෂලාට තියෙන්නේ” යනුවෙන් ප්‍රකාශ කළේය.

නැවත ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට මහින්ද රාජපක්ෂ මහතාට හැකි වුවානම් ඉතිහාසයේ වැඩිම ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කරන අපේක්ෂකයා බවට මහින්ද රාජපක්ෂ මහතා පත්වන බව ඒ මහතා ප්‍රකාශ කර සිටියි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා සිටීමට හේතුව අද රට වැටී ඇති තත්ත්වයෙන් ගොඩ ගත හැක්කේ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයට ගරු කරන ඔහුගේ දැක්ම ඉදිරියට ගෙනයන්නෙකුට පමණක් බැවින් බවත් ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියි.

Read more

Local News