නීතිවිරෝධීව මෙරටට ගෙන ආ දුම්වැටි තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

Share

ඩුබායි හි නිෂ්පාදිත වර්ග දෙකකට අයත් දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ(14) සවස මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙන අතර මොහු කුරුණෑගල, රිදීගම ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

ඔහු ඊයේ සවස 6.30 ට පමණ ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 652 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඔහු විසින් ගෙන ආ ගමන් මලුවල රුපියල් 13,86,000 ක් වටිනා මෙම විදේශීය නිෂ්පාදිත දුම්වැටි 27,720 ක් සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබේ.

Read more

Local News