තැන් කීපයකදි හෙරාෙයින් සමඟ 5ක් අත්අඩංගුවට

Share

දිවයිනේ ප්‍රදේශ කිහිපයක දී හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

හෙරොයින් ග්‍රැම් 300 මිලිග්‍රෑම් 600ක් සහ රුපියල් ලක්ෂ 02ක් සමඟ පුද්ගලයින් දෙදෙනකු බේස්ලයින් මාර්ගයේ වදුල්ලවත්ත හංදිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

මේ අතර බොරැල්ල ලෙස්ලි රණගල මාර්ගය ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රැම් 20 මිලිග්‍රැම් 885ක් සමඟ මහරගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

බොරුල්ල ටී 20 වත්ත ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රැම් 10 මිලිග්‍රෑම් 400ක්  සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

තවද, පෑලියගොඩ වලේවත්ත ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රැම් 02 මිලිග්‍රෑම් 220ක් සමග 41 ක් හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read more

Local News