සමහර නෝනලා කියන දෙයක් මෙන්න

Share

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තරම් රටේ දරුවන් ගැන අවබෝධයක් ඇති නායකයෙක් වර්තමානයේ නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.

හන්වැල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේය.

එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේය.

සමහර ජනාධිපති අපේක්ෂකයෝ තාම හිතලත් නෑ. තීන්දු වෙලත් නෑ. නාම යෝජනා දීලත් නෑ.

නමුත් නෝනලා ඇවිත් කියනවා මේ කතා කරන්නේ අනාගත නායකයින්ගේ ආර්යාව කියලා.

ඔන්න රට අපි දෙන්න හදන අය. තරුණයන්ට කියනවා මේවට පරිස්සම් වෙන්න.

මහින්ද රාජපක්ෂ මහතා දරුවන් තුන් දෙනෙකුගේ තාත්තා කෙනෙක්.

එතුමාට රටේ වගකීම හොඳට තේරෙනවා.

තමුන්ගේ දරුවන්ගේ අවශ්‍යතාවය රටේ දරුවන්ටත් ඕනෙ කියල හොඳට තේරෙනවා.

එහෙම නායකයෝ දැන් හොයා ගන්න නෑ

Read more

Local News