හිරුණිකාගේ නඩුව දෙසැම්බර් 3 ට කල් යයි

Share

දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහර දීම ඇතුළු චෝදනා කිහිපයක් එල්ල වී තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුවේ විභාගය දෙසැම්බර් මස 3 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

මෙම නඩුව අද (15) කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා ඉදිරියේ කැඳවනු ලැබුවේය.

එහිදී විනිසුරුවරයා නියම කළේ අදාළ නඩුව දෙසැම්බර් මස 3 වන දා විභාගයට ගන්නා බවයි.

2016 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ අමිල ප්‍රියංක නැමැති තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහර දීමට ක්‍රියා කිරීම සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු විත්තිකරුවන් නව දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබුණි.

එහෙත් එම නඩුවේ විත්තිකරුවන් අටදෙනකු අදාළ චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුව ඔවුන්ට මහාධිකරණය මගින් අත්හිටවූ සිර දඬුවම් සහ දඩ නියම කළේය.

ඒ අනුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය එයට එරෙහිව පමණක් එම නඩු විභාගය පැවැත් වේ.

Read more

Local News