දිස්ත්‍රික්ක 5ක් මුල් කරගනිමින් සංස්කෘතික සංචාරක කලාප

Share

දිවයිනේ දිස්ත්‍රික්ක 5ක් මුල් කරගනිමින් සංස්කෘතික සංචාරක කලාපය ඉදිරි සති කිහිපය තුළදී ප්‍රකාශයට පත් කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

හම්බන්තොට කසාගල ඊයේ(16) පැවැති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

සසුනට අරුණ වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 1026ක වියදමකින් හම්බන්තොට කසාගල රජමහා විහාරස්ථානයේ සංවර්ධන කටයුතු ඊයේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.

හම්බන්තොට, මොණරාගල, අම්පාර, ත්‍රිකුණාමලය, මඩකලපුව දිස්ත්‍රික්ක 5 කේන්ද්‍ර කර ගෙන හම්බන්තොට මූලස්ථානය කර ගනිමින් සංස්කෘතික සංචාරක කලාප ඉදිරි සති කීපයක් තුළ එළි දක්වන බවයි මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

Read more

Local News