හෙරොයින් ළඟ තබා තරුණයෙක්ට මරණ දඬුවම නියම වෙයි

Share

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 10.28 ක් සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු තරුණයෙකුට කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා විසින් මෙම තීන්දුව ලබාදුන්නේ කොළඹ, මරදාන ප්‍රදේශයේ පදිංචි ජයසූරියආරච්චිගේ ප්‍රසන්න කුමාර නමැති 25 හැවිරිදි අවිවාහක තරුණියෙකුටය.

2016 වසරේ ජුනි මස 6 වන දා කොළඹ උතුර පොලිස් දූෂණ මර්දන ඒකකය විසින් මරදාන ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම විත්තිකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

ඉන් අනතුරුව නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළේය.

දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා පැමිණිල්ල විසින් විත්තියට එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව සනාථ වී ඇති බව කියා සිටියේය.

ඒ අනුව විනිසුරුවරයා විසින් ඔහුට මරණීය දණ්ඩනය නියම කළේය.

Read more

Local News