නීති විරෝධීව මසුන් ඇල්ලූ 2ක් නාවික හමුදා බාරයට

Share

යාපනය, වෙත්තලකේනි ප්‍රදේශයේදී ඊයේ(17) දින නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් වෙත්තලකේනි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි‍ මෙහෙයුමක් අතරතුරදි නීති විරෝධි දැල් භාවිතා කර මසුන් ඇල්ලීම හේතුවෙන් මෙම පුද්ගලයින් මෙලෙස නාවික හමුදා බාරයට ගෙන තිබේ.

එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක්, මිටර් 75 ක් දිගැති තහනම් දැලක් සහ නීති විරෝධි ලෙස ඇල්ලූ මසුන් කිලෝග්‍රෑම් 600 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයින්, ධීවර යාත්‍රාව, පිටත දහන යන්ත්‍රය, තහනම් දැල, නීති විරෝධි ලෙස අල්ලන ලද මසුන් තොගය සහ අනෙකුත් ධීවර ආම්පන්න යාපනය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාරදිමට කටයුතු කෙරුණි.

තවද, නීති වි‍රෝධී පන්න ක්‍රම භාවිතා කර මසුන් ඇල්ලීම හේතුවෙන් ශ්‍රී ලංකාව වටා ඇති සාගර කලාපයේ මත්ස්‍ය සම්පත මෙන්ම සාගර සම්පත විනාශ විමේ තර්ජනයට ලක් වන අතර, එබැවින් නාවික හමුදාව මෙහෙයුම් ක්‍රියාත්මක කර මෙවැනි නීති විරෝධී ලෙස මසුන් අල්ලන පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර දීමට නිරන්තරයෙන් කටයුතු කරමින් සිටි.

Read more

Local News