නාවලපිටිය නගරය වැසි ජලයෙන් යට වෙයි

Share

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට අද(18) උදැසන සිට ඇද හැලැණු අධික වර්ෂාවත් සමඟ නාවලපිටිය නගරයේ කොටසක් ජලයෙන් යට විම නිසා රථවාහන ගමනා ගමනයට බාධා ඇති වී තිබේ.

නාවලපිටිය නගරයේ බස් නැවතුම්පලේ සිට ගම්පොල දෙසට මිටර් 500 පමණ මෙසේ වැසි ජලයෙන් යට වි තිබුණු බවයි අප වාර්තාකරු කියා සිටියේ.

ප්‍රධාන නගරය ජලයෙන් යට විම නිසා වෙළදසැල් කිහිපයක්ද ජලයෙන් යට වි තිබිම නිසා එම වෙළදසැල් හිමියන් දැඩි අසිරුතාවයට පත් වි තබෙන බවයි වාර්තා වන්නේ.

වැසි ජලය නිසි ලෙස කාණු පද්ධතිය ඔස්සේ බැස නොයැම හේතුවෙන් මෙසේ ප්‍රධාන මාර්ගය ජලයෙන් යට විය.

කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ලක්ෂපාන ජලාශයේ එක් වාන් දොරටුවක් උදැසන සිට විවෘත කර තිබේ.

සුළු වර්ෂාවකදි පවා මෙසේ නාවලපිටිය නගරය ජලයෙන් යට විම නිසා නගරය හරහා ගමන් කරන රථ වාහන වලට මෙන්ම නගරයට පැමිණෙන මගි ජනතාව මෙන්ම පාරිභෝගිකයන්ද දැඩි අසිරුතාවයට පත් වි තිබේ.

Read more

Local News