ගිනිගත්හේනේ වෙළඳසැල් 10 ක් නායයයි – ඡායාරූප

Share

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ ගිනිගත්හේන නගරයේ වෙළඳසැල් 10 ක් මහවැලි ගඟ දෙසට නායගොස් වෙළඳසැලක සිටි එක් සේවකයෙක් අතුරුදහන් වි ඇති බව ගිනිගත්හේන පොලීසිය පැවසීය.

අද(19) අළුයම 2.00ට පමණ මෙම නායයාම සිදු වි ඇති බව ගිනිගත්හේන පොලීසිය සඳහන් කළේය.

ගිනිගත්හේන පොලීසිය අසල ගිනිගත්හේන මහනුවර ප්‍රධාන මාර්ගයේ කොටසකුයි මෙසේනාය ගොස් ඇත්තේ.

ප්‍රධාන මාර්ගයේ කොටසක්ද නායයාමේ අවධානමක් පවතින නිසා පොලිසිය ඉදිරිපිට සිට ගිනිගත්හේන බස් නැවතුම්පොල දක්වා මහනුවර මාර්ගය සම්පුර්ණයෙන්ම වසා දමා තිබේ.

එම මාර්ගයේ ගමන් ගන්නා වාහන කොළඹ මාර්ගය දෙසට ගමන් කර බස් නැවතුම්පොල හරහා ප්‍රධාන මාර්ගයට පිවිසෙන ලෙසයි ගිනිගත්හේන පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

දෙමහල් ගොඩනැඟිලි සහිත නාය ගිය වෙළදසැල් අතර සිල්ලර වෙළඳසැල් කිහිපයක්, එලවළු අලෙවි කරන වෙලදසැල් කිහිපයක්, අවහන්හල් දෙකක්, සැලුනයක් සහ විසිතුරු භාණ්ඩ අලෙවි කරන වෙලදසැලක් තිබු බව පොලිසිය සඳහන් කරයි.

විසිතුරු භාණ්ඩ අලෙවි කරන වෙළදසැලේ සිටි සේවකයා මෙසේ අතුරුදහන් වි ඇති බවයි පොලිසිය පවසන්නේ.

නායයමට ලක් වු වෙලදසැල් සහ ඊට යාබදව පිහිටි වෙළදසැල් ගණනාවක් නායයාමේ අවධානමක් පවතින බවට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය මිට ප්‍රථම හදුනාගෙන එම වෙලදසැල් හිමියන්ට ඉන් ඉවත් වෙන ලෙස අවස්ථා කිහිපයකදි  දැනුම් දි තිබුණි.

අතුරුදහන් වු සේවකයා සොයා යුධ හමුදාව සහ පොලිසිය මෙහෙයුමක් දියත් කර ඇති අතර තවදුරටත් මධ්‍යම කඳුකරයට අයහපත් කාලගුණයක් පවති.

Read more

Local News