යතුරුපැදියක් මතට ගසක් කඩා වැටී පුද්ගලයෙක් මරුට

Share

තෙල්දෙණිය පොලිස් වසමේ මහනුවර මහියංගනය මාර්ගයේ දී ඊයේ(18) රාත්‍රී 9.20ට පමණ යතුරුපැදියක් මතට ගසක් කඩා වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මහනුවර මහියංගනය මාර්ගයේ ඔරුතොට ප්‍රදේශයේ දී මහියංගනය දෙසට ධාවනය වී ඇති මෙම යතුරුපැදිය අධික වර්ෂාව හා සුළං හේතුවෙන් මෙලෙස අනතුරට පත්ව තිබෙන බවයි පොලිසිය පැවසුවේ.

තුවාල ලැබු පැදිකරු බරපතළ තත්ත්වයෙන් තෙල්දෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 29 ක් වු දකුණු දොරලියද්ද, මැද මහනුවර ලිපිනයේ පදිංචි සමරකෝන් මුලියන්සේලාගේ සුනිල් ආරියරතන්න යන අයෙකි.

Read more

Local News