තැපැල් වර්ජනය අවසන්

Share

මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවක වැඩවර්ජනය අවසන් වීමත් සමග ගොඩ ගැසුණු ලිපි බෙදා හැරීම ආරම්භ කර ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, ඊයේ රාත්‍රි තැපැල් දුම්රියවලින් පිට පළාත්වලට ලිපි රැසක් යැවීමට හැකි වූ බව ය.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් තැපැල් සේවකයින් මධ්‍යම තැපැල් හුවමාරුවේ ආරම්භ කළ පැය 48 ක වැඩ වර්ජනය ඊයේ පස්වරු 4 ට අවසන් කෙරිණි.

Read more

Local News