අමෙරිකාව Face App මෘදුකාංගය ගැන විමර්ශනයක් ඉල්ලයි

Share

ෆේස්ඇප් මෘදුකාංගය ගැන විමර්ශනයක් පවත්වැන්නැයි ඇමෙරිකාවෙන් ඉල්ලීමක් ඉදිරිපත් වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පරිශීලකයන් තමන් වයසට ගිය කල කෙසේදැයි පෙන්වන මෙම මාදූකාංගය මේ දිනවල අතිශය ජනප්‍රිය වී ඇති බවයි.

සමාජ මාධ්‍යවල මේ දිනවල වේගයෙන් ප්‍රචලිත වී තිබෙන ෆේස්ඇප් මෘදුකාංගය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වැන්නැයි ඇමෙරිකා එක්සත් ජනපද සෙනට් සභික සුළුතර කණ්ඩායමේ නායක චක් ෂූමර් අවධාරණය කර ඉල්ලා සිටියේය.

පරිශීලකයන් තමන් වයසට ගිය කල කෙසේදැයි පෙන්වන රුසියාවේ නිෂ්පාදිත මෙම මාදූකාංගය මේ දිනවල වඩාත් ජනප්‍රියයි.

ජාතික ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය අවදානමක යන කරුණු සලකා බලමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (එෆ්.බී.අයි) මෙම මෘදුකාංගය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනය ආරම්භ කළ යුතු යැයි ඔහු ඉල්ලා සිටියේය.

පරිශීලකයන්ගේ ඡායාරූප වෙනස් කරමින් ඔවුන් තවත් වසර කිහිපයකින් පෙනෙන්නේ කෙසේදැයි පෙන්වීම මෙම මෘදුකාංගයේ කාර්යයක්.

ඒ සඳහා කෘත්‍රීම බුද්ධිය භාවිත කරන අතර එහිදි පරිශීලකයන්ගේ මුහුණුවලට රැළි වයසක පෙනුමක් ලැබෙන පරිදි ඔවුන්ගේ ඡායාරූප සංස්කරණයක් සිදුකරයි.

රුසියාවේ නිෂ්පාදනය කර තිබෙන මෙම මෘදුකාංගය සම්බන්ධයෙන් විමර්ශනය කරන්නැයි සෙනට් සභික චක් ෂූමර් ඇමෙරිකා එක්සත් ජනපදයේ පාරිභෝගික ආරක්ෂණ ආයතනයෙන් ද ඉල්ලා සිටියේය.

මෙම මෘදුකාංගය ඔස්සේ විදෙස් රාජ්‍ය ද ඇතුළුව  ඇමෙරිකානු පුරවැසියන්ගේ දත්ත තෙවැනි පාර්ශවවලට ලබාදීම සම්බන්ධයෙන් ප්‍රශ්නකාරී මතුවන බව එෆ්.බී.අයි වෙත ලිපියක් යොමු කරමින් සෙනට් සභික චක් ෂූමර් සඳහන් කර තිබෙනවා.

අමෙරිකාවට එරෙහිව සයිබර් අවකාශය තුළ ක්‍රියාකාරී ලෙස කටයුතු කරන විදෙස් බලවතෙකුට ඇමෙරිකානු පුරවැසියන්ගේ දත්ත ලබාදීම ඉතා සංකීර්ණ හා ගැටලුකාරී තත්ත්වයක් බව ද ඔහු සඳහන් කළේය.

ෆේස්ඇප් මෘදුකාංගය භාවිතයට පැමිණියේ මීට වසර දෙකකට පෙරයි.

මේ වනවිට ‘ගූගල් ප්ලේ’ සේවාව තුළ වැඩිම වතාවක් බාගත කරන ලද මෘදුකාංගය බවට පත්ව ඇත්තේ ද ෆේස්ඇප් මෘදුකාංගය වන අතර  එහි පරිශීලිකයන් මේ වනවිට මිලියන 100 ඉක්මවා ගොස් තිබේ.

Read more

Local News