උසස් පෙළ අගෝස්තු 05 දා – ශිෂ්‍යත්වය අගෝස්තු 4 දා ඇරඹේ

Share

මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අගෝස්තු මස 05 දින සිටි අගෝස්තු 31 දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

උසස් පෙළ විභාගය සඳහා මෙවර නව විෂය නිර්දේශය යටතේ අයදුම්කරුවන් 198,229ක් ද, පැරණි විෂය නිර්දේශය යටතේ අයදුම්කරුවන් 139,475ක් ද පෙනී සිටියි.

ඒ අනුව සමස්ත අයදුම්කරුවන් සංඛ්‍යාව 337,704ක් වන අතර මධ්‍යස්ථාන 2,678ක මෙවර උසස් පෙළ විභාගය පැවැත්වේ.

එමෙන් ම පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 04 වැනි දින පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

සිංහල මාධ්‍යයෙන් සිසුන් 255,529ක් ද, දෙමළ මාධ්‍යයෙන් සිසුන් 83,840ක් ද මෙවර විභාගය සඳහා පෙනී සිටීමට නියමිතයි.

ඒ අනුව, සමස්ත අයදුම්කරුවන් සංඛ්‍යාව 339,369ක් වන අතර, මධ්‍යස්ථාන 2,995ක මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read more

Local News