ආගරපතනේ දී සැඩ පහරට හසු වු දැරියන් දෙදෙනාගේම සිරුරු හමුවෙයි

Share

ආගරපතන ප්‍රදේශයේ සැඩ පහරට හසු වී අතුරුදහන් වි සිටි පාසල් සිසුවියන් දෙදෙනාගේම සිරුරු මේ වන විට සොයාගෙන ඇත.

මෙසේ සොයා ගනු ලැබුවේ ආගරපතන ටොරිංටන් අග්‍රල්වත්ත ප්‍රදේශයේ පදිංචි මදියලගන් ලක්ෂ්මි(12) සහ මදියලගන් සංගීතා(12) යන පාසල් සිසුවියන් දෙදෙනාගේ සිරුරුයි.

එක් සිරුරක් ඊයේ(18) පස්වරුවේ සැඩ පහරට හසු වු ස්ථානයට පහලින් මිටර් 1000 පමණ පහළින් හමු වු අතර, අනෙක් සිසුවියගේ සිරුර සැඩ පහරට හසු වු ස්ථානයේ සිට කිලෝමිටර් 1 ½ පමණ පහලින් ටොරිංටන් තේ කර්මාන්තශාලාව අසල අග්‍රා ඔයේ තිබී යුධ හමුදාව පොලීසිය සහ ප්‍රදේශවාසින් එක්ව සොයාගෙන ඇත.

පාසල් සිසුවියන් දෙදෙනාගේ සිරුරු පශ්චාත් මරණ පරික්ෂණය සඳහා නුවරඑලිය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇත.

Read more

Local News