ඉහළ කොත්මලේ වාන් දොරටු 02ක් විවෘතයි

Share

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුමට තව දුරටත් අඛණ්ඩව වැසි ඇද හැලෙමින් පවති. එම තත්ත්වය හමුවේ ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු ස්වයං ක්‍රියව විවෘත වු බව ජලාශය භාර වාරි  ඉංජිනේරුවෝ පවසති.

ඒ අනුව ඊයේ (18දා) පස්වරුවේ වාන් දොරටු තුනක් විවෘත වූ අතර රාත්‍රී කාලයේදි වාන් දොරටු 5ක් දක්වා විවෘත වී තිබේ.  අද (19) දා  අළුයම වන විට එය වාන් දොරටු දෙක දක්වා සිමා විය. ඉන් තත්ත්පරයට ජලය ඝණ මීටර 30 ක් පමණ කොත්මලේ ඔයට මුදා හැරේ.

එම නිසා කොත්මල ඔයේ ජලය පරිහරණය කරන ජනතාව හා ජලාශය ආසන්නයේ වාසය කරන ජනතාව අවධානයෙන් පසුවන ලෙස ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

Read more

Local News