මට දෙමළ භාෂාව කතා කිරීමට නොහැකියි

Share

ජාතීන් අතර සුහදත්වය වර්ධනය විවිධ ජාතීන්ට අනන්‍ය භාෂා කතා කිරීමේ හැකියාව වැදගත් වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

2018 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් දෙවන භාෂාව සඳහා විශිෂ්ඨ ප්‍රතිඵල ලබාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇගයීමට ලක්කරමින් ඊයේ (18) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පල කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද ප්‍රකාශ කළේය.

“අවාසනාවකට මනෝ ගනේෂන් ඇමතිතුමා මෙන් මට දෙමළ භාෂාව කතා කිරීමට නොහැකියි.

ඒ කාලයේ අපි දෙමළ භාෂාව ඉගෙන ගත්තේ නැහැ.

එය මගේ අඩුපාඩුවක්.

නමුත් ඒ කාලයේ මම ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත්තා.

විට සිංහල නොදන්නා මිත්‍රයන් සමඟ මම ඉංග්‍රීසි භාෂාවෙන් කතා කළා. ඒ නිසා ද්‍රවිඩ, මුස්ලිම්, බර්ගර් ආදී විවිධ ජාතීන්වල මිත්‍රයන් රාශියක් මට සිටියා.

නමුත් අපේ ගම්වල ජීවත් වූ ජනතාවගෙන් බොහෝ දෙනෙක් ඉගෙන ගත්තේ, කතා කළේ එක භාෂාවක් පමණයි.

එදා ගම්මානවල ඉංග්‍රීසි ඉගෙන ගැනීමට අවස්ථාවක් නොතිබූ නිසා බොහෝ දෙනා සිංහල හෝ දෙමළ පමණක් කතා කළා.

සියලූ දෙනා එක මවකගේ දරුවන් ලෙස හැදින්වූවත් එකම රටේ ජීවත් වන වෙනත් ජාතියක සහෝදරියක් හෝ සහෝදරයෙකු සමඟ කතා කිරීමට තවත් ජාතියක සහෝදරයෙකුට හෝ සහෝදරියකට හැකියාවක් තිබුණේ නැහැ.

අපේ රටේ ප්‍රධානතම ගැටළුව වූයේ එයයි.

රටේ යුද්ධයක් ඇතිවුනේත් එම නිසායි.

වසර 30ක් පමණ අපට එකිනෙකා මරා දමමින් යුධ වැදීමට සිදුවුණා. කෙසේ නමුත් දැන් එය අවසන් වී තිබෙනවා.

යුද්ධයට පෙර ශ්‍රී ලංකාවේ මම ජීවත් වුණා. ඒ කාලයේ මෙවැනි ප්‍රශ්න ඇතිවුනේ නැහැ. ත්‍රස්තවාදයක් ඇතිවුණේ නැහැ.

නමුත් යුද්ධය පැවති වසර 30 තුල රටේ එම පසුබිම වෙනස් වුණා.

අප දැන් කල්පනා කළ යුත්තේ නැවත වතාවක් එකට එක්වී රටක් ලෙස ඉදිරියට යාම පිළිබඳවයි.

කතානායකතුමාට සහ මට ඒ කාලයේ සිටම ඉංග්‍රීසි දැනුම ලබාගෙන වැඩකටයුතු වල යෙදීමට අවස්ථාව ලැබුණා.

කතානායකතුමා මඩකලපුව ප්‍රදේශයේ යුධ හමුදා රාජකාරියේ යෙදී සිටියා.

මම ඒ කාලයේ යාපනයට ගියේ සංචාරයන් සඳහායි.

ඒ කාලයේ එම ප්‍රදේශවල තරුණයින් අපත් සමඟ එකට සෙල්ලම් කළා.

නමුත් වසර 30ක යුද්ධයෙන් පසු අප රටක් ලෙස පසුගාමී වුණා.”

Read more

Local News