විදුලි රැහැනක් මතට ගසක අත්තක් කඩා වැටෙයි – ගිනිගත්හේන ප්‍රදේශයම අඳුරේ

Share

ගිනිගත්හේන පොල්පිටිය ප්‍රදේශයේ සිට ගිනිගත්හේන නගරය දක්වා ඇද ඇති අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් මතට අද(19) උදැසන ගසක අත්තක් කඩා වැටිමෙන් විදුලි රැහන්වලට දැඩි අලාභ හානි සිදුව ඇති බවට වාර්තා වෙයි.

මේ හේතුවෙන් ගිනිගත්හේන ප්‍රදේශයේ ස්ථාන කිහිපයක විදුලි බලය ඇණ හිට ඇති බව ගිනිත්හේන පොලීසිය පැවසීය.

ගිනිගත්හේන රෝහල අසල මෙසේ අධි බලැති විදුලි රැහන් පද්ධතියට ගස් අත්තක් කඩා වැටි ඇති අතර හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකම ප්‍රධාන මාර්ගයට පස් කදු කඩා වැටි ඇති අතර ඇතැම් ස්ථානවල ප්‍රධාන මාර්ගයට ගස් කඩා වැටිමෙන් දුරකථන රැහන් පද්ධතියටද දැඩි අලාභ හානි සිදු වි ඇත.

එම මාර්ගවල රථ වාහන ධාවනය කිරීමේදි සැලකිලිමත් ලෙස රිය ධාවනය කරවන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

Read more

Local News