ගිනි අවියක් සමඟ අයෙක් මොණරාගල දී අත්අඩංගුවට

Share

මොණරාගල සුදුවතුර ආර ප‍්‍රදේශයේදී නීති විරෝධී ගිනි අවියක් ළඟ තබා ගත් පුද්ගලයෙකු අද(19) උදෑසන ගිනි අවිය ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ සුදුවතුර ආර කුඹුක්කන මොණරාගල ලිපිනයේ පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙකි.

මොණරාගල පොලීසියේ නිලධාරීන් පිරිසක් කුඹුකන සුදුවතුර ආර ප‍්‍රදේශයේ කළ විශේෂ වැටලීමකදී මෙම ගිනිඅවියත් සමඟ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් පුද්ගලයා මොණරාගල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read more

Local News