දුම්රියේ ගැටී තරුණයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

Share

කිලි‍නොච්චිය අරවියල්නගර් ප්‍රදේශයේදී යාපනය සිට කොළඹ බලා ධාවනය වු රාත්‍රි දුම්රියේ ගැටී තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

ඊයේ(19) රාත්‍රියේදී අදාළ තරුණයින් දුම්රිය පැමිණෙන අවස්ථාවේ දුම්රිය මාර්ගයේ වැතිර සිට ඉවත්වීමට උත්සහ කරන අවස්ථාවේ දුම්රියේ ගැටී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් මුලතිව්, මුරුකන්ඩි ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි සෙල්වරාසා සජීපන් නමැති තරුණයෙකු හා යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ පදිංචි ආනන්දසාමි නිලවන් නමැති 28 හැවිරිදි තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

අනතුර හේතුවෙන් රාත්‍රී දුම්රිය ප්‍රමාද වී ධාවන කළ අතර, මළ සිරුරු කිලිනොච්චිය දුම්රිය ස්ථානය වෙත ලබාදීමෙන් අනතුරුව දුම්රිය නැවත ධාවනය වී ඇත.

මළ සිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ අද (20) පැවැත්වීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Read more

Local News