ලොවම කම්පා කළ පාස්කු ඉරුදින ඛේදවාචකයට අදට මාස 3ක්

Share

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාව සිදුවී අද (21)ට මාස 3ක් සම්පූර්ණ වෙයි.

අප්‍රේල් 21 කිතුණු බැතිමතුන්ට සුවිශේෂී වු වන පාස්කු ඉරිදා, ශ්‍රී ලංකාවාසීන්ට මෙන්ම සමස්ත ලෝක වාසීන්ටම ශෝක දිනයක් බවට පත්විය.

ඒ කොච්චිකඩේ, කටාන සහ මඩකලපුවේ කිතුණු දේවස්ථාන තුනක, කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් තුනක මෙන්ම දෙහිවල සහ දෙමටගොඩ ආදී ස්ථාන 08ක සිදු වූ පිපිරීම් හේතුවෙනි.

කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි කතෝලික දේවස්ථානයේ, කටාන කටුවාපිටියේ සහ මඩකලපුවේ කිතුණු දේවස්ථාන දෙකක මෙන්ම කොළඹ ෂැංග්‍රිලා, කිංග්ස්බරි සහ සිනමන් ග්‍රෑන්ඩ් යන සුපිරි හෝටල පරිශ්‍රවල මෙම පිපිරීම් මාලාව සිදුවිය.

ක්‍රිස්තූස් වහන්සේගේ මරණයෙන් උත්ථානවීම සිහිපත් කෙරෙන පාස්කු දින දේව මෙහෙයන් පැවත්වෙමින් තිබූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි කතෝලික දේවස්ථානයෙන් පළමු පිපිරීම වාර්තාවිය.

ප්‍රහාරයේ ඉලක්කය වී තිබුණේ දේව මෙහෙයට පැමිණ සිටි බැතිමතුන්ය.

එම පිපිරීම්වලින් විදේශිකයන් ඇතුළු පුද්ගලයන් 263 දෙනකු මිය ගොස් 450ක පමණ තුවාල ලැබුවේය.

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් විනාශයට පත් වු මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය තෙමසකට පසු අද යළි විවෘත කෙරෙයි.

කටුවාපිටිය මීසම් පාලක මංජුල නිරෝෂන් පියතුමන් ප්‍රකාශ කළේ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු සිදුකෙරෙන බවයි.

Read more

Local News