පළාත් කිහිපයකට අදත් තද වැසි

Share

දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල දැනට පවතින තද සුළං තත්ත්වයේ තරමක අඩු වීමක් ජුලි මස 24 දින සිට බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ක පමණ තරමක තද වර්ෂාපතනයන් ඇති විය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශ වල වැසි වාර කිකිපයක් ඇති විය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (40-50)පමණ දක්වාවන තරමක තද සුළං ඇති විය හැක.

Read more

Local News