ජනපතිවරණයට කවුරු ඉදිරිපත් කරනවද කියලා මම තාම කියලා නෑ

Share

මීළඟ ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන බව තමන් කිසිදු විටෙක පවසා නොමැති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේය.

පාස්කු ඉරු දින ප්‍රහාරය සිදුව ඊයේ දිනයට මාස 3ක කාලයක් ගත වී ඇති බවත් පැවසු මහින්ද රාජපක්ෂ මහතා එයට තම කණගාටුව පළ කරන බව ද කියා සිටියේය.

තුවාල ලැබූ අය අදටත් රෝහල්වල මිය ඇදෙන බව පැවසු රාජපක්ෂ මහතා, ඔවුන් කෙරෙහි රජයේ නිසි සැලකිල්ලක් නොමැති බව ද පැවසීය.

රටේ ආරක්ෂාව තහවුරු වී ඇතැයි එක් කෙනෙක් පවසන විට තව කෙනෙක් ආරක්ෂාවක් නොමැති බව පවසන බවත් සඳහන් කර සිටි රාජපක්ෂ මහතා, සරත් ෆොන්සේකා මහතා ඉතා පැහැදිලි ලෙස තවමත් ත්‍රස්තවාදය තුරන් වී නොමැති බව පවසන බවද කියා සිටියේය.

Read more

Local News