දෙමටගොඩ දී හෙරොයින් සමඟ අයෙක් මාට්ටු

Share

හෙරොයින් සමඟ පුද්ගලයෙකු දෙමටගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවේය.

එම සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රැම් 208 මිලිග්‍රෑම් 200ක් සොයගෙන තිබේ.

ඔහු 61 හැවිරිදි ගනේමුල්ල, ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වෙයි.

සැකකරු අද(22) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News