ජනාධිපතිවරණයක් කැඳවිය යුත්තේ ලබන වසරේ මැයි ද?

Share

ජනාධිපතිවරයාගේ ධුර කාලය ක්‍රියාත්මක වන්නේ කථානායකවරයා අත්සන් තැබූ දින සිට බැවින්  සැබැවින්ම නැවත ජනාධිපතිවරණයක් කැඳවිය යුත්තේ එළැඹෙන වසරේ මැයි මාසයේදී බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

මහව දළඳාගම ප්‍රදේශයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ බල මණ්ඩලය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදි ඔහු පැවසුවේ ජනාධිපතිවරයාගේ ධුර කාලය පැන නැගි ඇති ගැටළු විමසීමෙදි ජනාධිපතිවරයාට දැඩි අසාධාරණයක් සිදු වී ඇති බවයි.

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් වීමේදි වසර 6ක ධුර කාලයක් තිබු බවත් 19වන ව්‍යවස්ථා සංශෝධනය සිදු වන විට වත්මන් ජානාධිපතිවරයා සිය ධුරයට පත් වී අවසන් බවත් ඔහු පැහැදිලි කළේය.

ඒ අනුව ඔහුගේ ධුර කාලය වසර 5කට සීමා නොවන බවත් 19වන ව්‍යවස්ථා සංශෝධනය වලංගු වන්නේ එළඹේන ජනාධිපතිවරණයෙන් තේරිපත්වන ජනාධිපතිවරයාට බවත් මන්ත්‍රීවරයා පවසයි.

එම නිසා මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිසි ලෙස නීතියානුකුලභාවය විමසා ජනතාව ලබා දුන් ජන වරමට නිසි සාධාරණයක් ඉටු කරන ලෙසද මන්ත්‍රීවරයා එහිදි වැඩිදුරටත් පැවසීය.

Read more

Local News