පූජිත් – හේමසිරි නඩුව ඔක්තෝබර් 03ට කල් යයි

Share

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම හා එහි ප්‍රභලතාව අඩුකර ගැනීමට කටයුතු නොකිරීමට එරෙහිව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සම්බන්ධ නඩුව එළැඹෙන ඔක්තෝබර් 03 දා තෙක් කල්තැබිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයර්තන මෙනිවය අද (22දා) නියෝග කළාය.

ඒ එම නඩුව අද (22දා) කැඳවූ අවස්ථාවේයී. මෙහිදී පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ හිටපු පොලිස්පතිවරයාගෙන් තවදුරටත් ප්‍රකාශ සටහන් කරගැනීමට අවශ්‍ය බවයි.

සිද්ධියට අදාළ විමර්ශන කඩිනමින් අවසන් කර ඉදිරි නඩු දිනයේ දී වාර්තා කරන ලෙස  මහේස්ත්‍රාත්වරිය මෙහිදී නියෝග කළාය.

Read more

Local News