පාන් පිටි හා කිරි පිටිවලටත් මිල සුත්‍රයක්

Share

පාන් පිටි සහ කිරි පිටි සඳහා මිළ සුත්‍රයක් හඳුන්වාදීමට ඉදිරියේදී පියවර ගන්නා බව වැඩබලන කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසයි.

අමාත්‍යවරයා පවසන්නේ ඒ අනුව ඉදිරියේදී කිරි පිටි සහ පාන් පිටි සමාගම් වලට තම අභිමතය පරිදි මිල සංශෝධනයන් කිරීමට කිසිඳු හැකියාවක් නොමැති බවයි.

කැබිනට් මණ්ඩලය හා  ජීවන වියදම් කමිටුවත් ඊට අදාළ කටයුතු  මේ වනවිට සිදුකරමින් පවතින බවද වැඩබලන අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු වැඩබලන කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පැවසුවේ  නීතිපති දෙපාර්තමේතුව පවා ඒ සඳහා අදාල උපදෙස් ලබා දී ඇති බවයි.

මේ වන විටත් පාරිභෝගික අධිකාරියේ නිළධාරින් විසින් වැටලිම් කරන අතර මිල ගණන් වෙනස් කරමින් වෙළඳ කටයුතු සිදු කරන වෙළඳදුන්ට දැඩිව නීතිය ක්‍රියාත්ම කරන බවද අමාත්‍යවරයා පවසයි.

Read more

Local News