මෙන්න අද කාලගුණ තත්ත්වය

Share

දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල දැනට පවතින තද සුළං තත්ත්වයේ හා දිවයින හරහා වැසි තත්ත්වයේ අඩුවීමක් අද(23) දිනයේ බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති විය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කන්කසන්තු‍රය සිට ත්‍රීකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දක්වා වන දිශාවලින් හමා එන අතර සුළඟේ වේගය පැයට කිලෝ මීටර 30-40 ත් අතර වෙයි.

පුත්තලම සිට කොළඹ දක්වා සහ හම්බන්තොට සිට‍ පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50-55 ත් අතර වැඩි විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

ධීවර හා නාවික ප්‍රජාවට මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස ද කාලගුණ දෙපාර්තමේන්තුව ‍ඉල්ලා සිටියි.

Read more

Local News