පාසල් දරුවන්ට කිරි පැකැට්ටුවක් ලබාදීමේ ජාතික වැඩසටහනේ සමාරම්භය අද

Share

ප්‍රාථමික අධ්‍යාපනය ලබන පාසල් සිසුන් වෙත දෛනිකව උදෑසන දියර කිරි පැකට්ටුවක් ලබාදීමේ ජාතික වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(23) රත්නපුර කලවාන, කජුගස්වත්ත ශාස්ත්‍රෝදය විද්‍යාලයේ දී ආරම්භ කිරීමට නියමිතව තිබේ.

2025 වසර වන විට ශ්‍රී ලංකාවේ දියර කිරි නිෂ්පාදනය ඉහළ දැමීම සහ ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන්ගේ පෝෂණය ඉහළ නැංවීම යන අරමුණු පෙරදැරිව මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.

කිරෙන් සපිරි දැයක් තේමාව යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහන ජනාධිපති කාර්යාලය සහ ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය එක්ව සංවිධානය කරනු ලබන අතර අධ්‍යාපන අමාත්‍යාංශය සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ඊට සහය ලබා දෙනු ලබයි.

වැඩසටහනේ පළමු පියවර වශයෙන් පළමු වසරේ සිට පහ වසර දක්වා දරුවන් ලක්ෂ 4කට දිනකට කිරි මිලිලීටර් 150ක් ලබාදීම සිදුවන අතර රස කළ කිරිවෙනුවට ප්‍රමිතිගත දියර කිරිපැකැට්ටුවක් ලබාදීම මෙහිදි සිදුවන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මෙම වැඩසටහන සඳහා රජය වසරකට රුපියල් මිලියන දහසක මුදලක් වෙන් කර තිබේ.

Read more

Local News