මානිප්පායි සිද්ධියට අදාළ සැකකරුවන් තුනක් අත්අඩංගුවට

Share

යාපනය, මානිප්පායි, ඉනුවිල් ප්‍රදේශයේදී පොලිස් මාර්ග බාධක රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරීන් වෙත පහර දුන් බවට සැක කරන තවත් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

යාපනය මානිප්පායි පොලීසිය හා සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවන විශේෂ පොලිස් කණ්ඩායම් සිදුකළ මෙහෙයුමක දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

යාපනය වඩ්ඩුකෝඩ්ඩෙයි ප්‍රදේ‍ශයේ නිවසක සැඟව සිටියදී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, වයස අවුරුදු 19 ක් වන සැකකරුවන් දෙදෙනෙකු හා 20ක් වන සැකකරුවෙක් එ‍ලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

යාපනය කොඩිකාමම් ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන තිබු අතර, සැකකරුවන් පසුගිය 20 වැනිදා යතුරුපැදිවලින් පැමිණ පොලීසියට පහර දී තිබුණි.

පොලීසිය වෙත පහරදුන් පිරිස අත්අඩංගුවට යාමේදි සිදුවු වෙඩි තැබීමකින් සෙල්වරත්තිරම් කවිගජන් නමැති 22 හැවිරිදි තරුණයෙකු ජිවිතක්ෂයට පත්විය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද(23) යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මානිප්පායි පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Read more

Local News