තැපැල් වර්ජනය අවසන්

Share

සිය ගැටලුවලට විසඳුම් ලබාදීමට බලධාරීන් පියවර නොගතහොත් ලබන මාසයේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බව තැපැල් වෘත්තීය සමිති පවසයි.

තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එච්.කේ.කාරියවසම් මහතා සඳහන් මේ බව සඳහන් කළේය.

අසනීප නිවාඩු වාර්තා කරමින් දිවයින පුරා ක්‍රියාත්මක කළ එක්දින සංඛේත වැඩ වර්ජනය ඊයේ(22) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් කළ බව විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

දිවයින පුරා ක්‍රියාත්මක කළ එක්දින සංඛේත වැඩ වර්ජනය ඉතා සාර්ථකව ක්‍රියාත්මක වූ බව විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය.

Read more

Local News