නොවැම්බර් 15 සහ දෙසැම්බර් 7 අතර දිනකදී ජනාධිපතිවරණය

Share

සිය ධුර කාලය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමක් සිදු නොකරනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඊයේ (22) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ නොවැම්බර් 15 සහ දෙසැම්බර් 7 අතර දිනකදී ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙනු ඇති බවයි.

ජනපතිවරයා ඉන්දියාවේදී පැවසු දේ නොවෙනස් කරනු ඇති බවට තමන් විශ්වාස කරන බව ඒ මහතා පවසයි.

ජනපති සමඟ පැවති සාකච්ඡාවේදී ප්‍රත්‍යක්ෂ වූ දේ අනුව එතුමාගේ ප්‍රකාශයේ වෙනස් නොවනු ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

ලෝක විනාශය ආවේ නැත්නම් ඡන්ද විමසීම නිසැකවම අදාල දිනයන්හි පවත්නව බවද මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කළේය.

එහිද මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නයකට පිලිතුරු ලබා දෙමින් ඒ මහතා පැවසුවේ තමන්ට කුමන ගැටලු සඳහන මුහුණ දීමට සිදු වුවද කිසිදු ආතතියක් නොමැති බවයි.

Read more

Local News