මුස්ලිම් මන්ත්‍රීවරු නව රජයක් යටතේ නැවත දිවුරුම් දෙනවා ?

Share

අමාත්‍ය ධුර වලින් ඉවත් වූ මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නව රජයක් යටතේ නැවත දිවුරුම් දෙනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා පවසයි.

මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්.ෆවුසි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේ මේ බව සඳහන් කළේය.

කෙසේ වෙතත් තවමත් අවසන් තීරණයකට පැමිණ තැති බවද මන්ත්‍රීවරයා එහිදි පැවසීය.

මාධ්‍යවේදින් නැගු පැනයකට පිලිතුරු ලබා දෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ අවසන් තීරණය ගැන ළඟදීම දැන ගත හැකි බවයි.

එමෙන්ම කිසිදු පක්ෂ මාරු වීමක් සිදු නොවන බවත් සිය දේශපාලනිය ස්ථාවරත්වයද එලෙසම පවතින බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

තවද මුස්ලිම් මන්ත්‍රීවරුන් කිසිදු සංධානගත වීමක් පිලිබඳ සාකච්ඡා කර නොමැති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News