නාම යෝජනා කැදවන්න තව දින 87ක් තියෙනවා

Share

මහජනයාගේ ඡන්ද බලය ප්‍රකාශ කිරීමට නැවත වරක් හැකියාව ලැබෙන්නේ ඉදිරි ජනාධිපතිවරණයේදී බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

මහජන එක්සත් පෙරමුණේ මහරගම ආසන බල මණඩලයට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණයට නාම යෝජනා කැදවන්න තව දින 87ක් පමණක් තිබෙන බවද මන්ත්‍රීවයා එහිදි පැවසීය.

පසු ගිය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දැක්වු මන්ත්‍රීවරයා පැවසුවේ එම ප්‍රහාරය සිදු වීම සහ එයින් පිඩාවට පත් වු පිරිසට වග කිව යුත්තේ වත්මන් ආණ්ඩුව බවයි.

මෙම ප්‍රහාර සම්බන්දයෙන් කිසිවක් දැන සිටියේ නොමැති බව ආණ්ඩුව පවසන බවත් එවැනි ආණ්ඩුවක් බලයේ සිටිමෙන් කිසිදු ප්‍රයෝජනයක් නොමැති බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදි ප්‍රශ්න කිරීමේදි එය වැලැක්වීමට කටයුතු කරන බවත් වත්මන් ආණ්ඩුව කාලය කා දමන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් අදහස් දැක්වීය.

Read more

Local News