එජාප පාක්ෂිකයින්ගේ අපේක්ෂාව නවීන්-සජිත් සුසංගයෝගයක් ද ?

Share

එක්සත් ජාතික පක්ෂයේ සියලු පාක්ෂිකයින්ගේ අපේක්ෂාව සජිත් ප්‍රේමදාස මහතාගේ සහ නවීන් දිසානායක මහතාගේ සුශංයෝගයක් බව එම පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.

නුවරඑළියේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

1976 දී දිවංගත නායක හිටපු ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතා, සිරිකොතට එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරු කැඳවු බවත් පැවසු අමාත්‍යවරයා, පසුව ඔවුන්ට කැමතිම නායකයින් 10 දෙනා නම් කරන ලෙස පැවසු බවත් කියා සිටියේය.

එහි ප්‍රතිඵලයක් ලෙස රණසිංහ ප්‍රේමදාස මහතා ජනාධිපති ලෙස ඡන්ද 118 ක් ලබා ගත් බවත්, දෙවැනියා ලෙස ගාමිණී දිසානායක මහතාට ඡන්ද 110 ක් හිමි වු බවත් මෙම සුසංයෝගයෙන් කැබිනට් මණ්ඩලය නිර්මාණය කළ බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

ඉන් අනතුරුව පක්ෂය 1994 දී නැවතත් රහස් ඡන්දයක් පැවැත් වු බවත් කියා සිටි අමාත්‍යවරයා, එහිදී ගාමිණි දිසානායක මහතා ඡන්ද දෙකකින් රනිල් වික්‍රමසිංහ මහතා පරාජය කළ බවද කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂය සෑදි ඇත්තේ ඒ ආකාරයෙන් බවත් පැවසු අමාත්‍යවරයා, පක්ෂයේ නියෝජ්‍ය නායකයා එම තනතුරට පත් වුයේ පක්ෂයේ තිබෙන ඉල්ලීම මත බව ද පැවසීය.

තමාටද ජාතික සංවිධායකකම හිමි වුයේ ඡන්දයකින් බව පැවසු ඒ මහතා‍, 1993 දී තමාගේ පියාව හා 1994 දී ප්‍රේමදාස මහතා ඝාතනය කිරීම තුළින් සජිත් ප්‍රේමදාසටත් තමාටත් සාටක පැළදීමට පියවරු නොසිටි බවත් අමාත්‍යරවයා මෙහිදී කියා සිටියේය.

තමා උත්සහයෙන් මෙම තනතුරු ලබා ගත් බවත්, සජිත් ප්‍රේමදාස මහතාට හා තමාට යම් තනතුරක් හිමිව ඇත්තේ රටේ ජනතාවගේ ඡන්ද බලයෙන් බව ද නවීන් දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.

පක්ෂය තුළ අපිට තිබුණ කැපිලි එදා වගේම අදත් තිබෙන බව පැවසු අමාත්‍යවරයා, රටේ ජනතාවගේ පිහිටින් සජිත් හා තමා අදටත් වැඩ කරන බවද කියා සිටියේය.

රණසිංහ ප්‍රේමදාස මහතාට හා ගාමිණී දිසානායක යන මහත්වරුන්ට එකට වැඩ කිරීමට නොහැකි වීම රටේ අභාග්‍යයක් බව පැවසු අමාත්‍යවරයා, එසේ සිදු වුයේ නම් මේ රට සිංගප්පූරුවක් කර අවසන් බව ද පැවසීය.

නමුත් නොයෙක් අය ඒ බැඳීම කඩා දැමු බවත් පැවසු දිසානායක මහතා, සජිත් ප්‍රේමදාස මහතා සමඟ එකතු වී තමා වැඩ කරන බවට ජනතාව ඉදිරියේ ප්‍රතිඥාවක් ලබා දෙන බව ද කියා සිටියේය.

Read more

Local News