ඩිලාන්ගේ ගණිත සුත්‍රයෙන් එන පිළිතුර මම දන්නවා

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් පිරිස් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟින් නොව එක්සත් ජාතික පක්ෂය සමඟින් සන්ධානගත වීමේ වුවමනාවකින් පසුවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

මිහින්තලය ප්‍රදේශයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මාධ්‍යවේදියා –
“ශ්‍රී.ල.නි.ප.යයි පොදුජන පෙරමුණයි එකතුවීමට බාධාව ඔබ තුමා කියලා කියනවා. ඇත්තද? “

ෂෙහාන් සේමසිංහ මෙයට පවසා සිටියේ, මෙසේ පවසා සිටින්නේ කීප සැරයක් මහින්ද රාජපක්ෂ මහතා පවා දුන් හා අනෙක් අතින් ඡන්ද දායකයාගේ මතයට විරුද්ධ වු අය බවයි.

කෙසේ වෙතත් ඩිලාන් පෙරේරා මහතා තමන් හා රොෂාන් රණසිංහ මහතාට ගණිත සම්බන්ධ ගැටළුවක් ඇති පවසා ඇතැයි ද කියා සිටි මන්ත්‍රීවරයා, ඩිලාන් පෙරේරා මහතාගේ ගණිත සුත්‍රය ඉතා හොඳින් දන්නා බවද පැවසීය.

එතුමාගේ ගණිත සුත්‍රයෙන් අවසානයේ එන පිළිතුර කුමක් ද යන්න පිළිබඳ ද තමා දන්නා බව කියා සිටි මන්ත්‍රීවරයා, දුර පැනීම හා උස පැනීම හොඳින් පුහුණු වු අයට පිළිතුරු දීමට අවශ්‍ය නොවන බවද කියා සිටියේය.

බහුතර බලයක් ඇති පක්ෂයකට තවත් කණ්ඩායමක් විසින් කොන්දේසි දමා සාකච්ඡා හා එකතු වීම් කරනවාට අකමැති බව ද මන්ත්‍රීවරයා පැවසීය.

බහුතරයක් එවැනි අයගේ අවශ්‍යතාවය වන්නේ ශ්‍රීලනිපය පොහොට්ටුව සමඟ එක්කරනවාට වඩා එක්සත් ජාතික පක්ෂය සමඟ එක් කිරීම බව ද මන්ත්‍රීවරයා කියා සිටියේය.

Read more

Local News