විදෙස් වෛද්‍ය උපාධිධාරීන් ලියාපදිංචි කරන්නැයි වෛද්‍ය සභාවට නියෝගයක්

Share

වෛද්‍ය වෘත්තියට සුදුසුකම් ලැබීමේ කඩඉම් විභාගයෙන් සමත්වන පිළිගත් විදේශීය විශ්වවිද්‍යාලවලින් වෛද්‍ය උපාධිය ලබාගත් උපාධිධාරීන් ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නියෝග කර තිබේ.

ප්‍රසන්න ජයවර්ධන, එල් .ටී. බී. දෙහිදෙණිය සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබා දුන්නේය.

පිළිගත් විදේශීය විශ්වවිද්‍යාලවලින් වෛද්‍ය උපාධිය ලබා ගත් සිසු සිසුවියන් 16 දෙනෙකු ඉදිරිපත් කළ මුලික අයිතිවාසිකම් පෙත්සමක් තීන්දුව දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය කළේය.

පෙත්සම්කරුවන් සඳහන් කර තිබුණේ තමන් පිළිගත් විදේශීය විශ්වවිද්‍යාලවලින් වෛද්‍ය උපාධිය ලබාගෙන තිබුනද තමන්ව වෛද්‍ය වෘත්තිය සඳහා ලියාපදිංචි කිරීම ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මඟින් ප්‍රතික්ෂේප කර ඇති බවයි.

මේ තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝණය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් තමන්ව වෛද්‍ය වෘත්තිය සඳහා ලියාපදිංචි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් වෛද්‍ය උපාධිධාරීන් පිරිස විසින් මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

Read more

Local News