සත්ත්ව සුබසාධන පනත සම්මත කිරීම කඩිනමින් කළ යුතුයි

Share

සත්ත්වයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීම සඳහා වු සත්ත්ව සුබසාධන පනත සම්මත කිරීමට කඩිනමින් පියවර ගත යුතු බව පුජ්‍ය ඔම්ල්පේ සෝභිත හිමි පවසයි.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ අදාළ පනත අවස්ථා ගණනාවකදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ද එය සම්මත කිරීමට මෙතෙක් පියවර ගෙන නොමැති බවයි.

සත්ත්ව හිංසනයට එරෙහි අදාළ පනත සම්මත කිරීම පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ගේ වගකීම බව පුජ්‍ය ඔම්ල්පේ සෝභිත හිමි සදහන් කළේය.

ඊයේ පැවති උත්සවයක් අමතමින් උන්වහන්සේ මේ බව පැවසීය.

අදාල පනත ක්‍රියාත්මක කිරීම ශිෂ්ඨවත් සමාජයකට ඉතාමත් වැදගත් පනතක් බවද උන්වහන්සේ පවසයි.

උන් වහන්සේ වැඩිදුරටත් පැවසුවේ මිනිසා වශයෙන් අප ජීවත් විය යුත්තේ අපගේ සහෝදර සත්වයන් සමඟ බවයි.

Read more

Local News