සිංහල ජාතිය ගැන තීරණ ගන්නේ සුශුම්නාව බිඳුනු නායකයන්

Share

වහාබ්වාදී කඳවුරු මෙරට විශ්ව විද්‍යාල තුළ පවතින බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසයි.

උන්වහන්සේ ඊයේ (23) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ ඉස්ලාම් අන්තවාදී කරුණු මෙරට විශ්ව විද්‍යාල තුළ උගන්වමින් පවතින බවයි.

මද්‍රසා පාසල් නියාමන කිරීම සඳහා අදාල පනතක් ගෙන එම සඳහා යොජනාවලියක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇතත් එය තවමත් සම්මත වී නොමැති බවත් එයට යම් යම් සංශෝධන කරමින් එම යෝජනාවලිය පසුවට කල් තබමින් සිය බවත් ඥානසාර හිමියන් පවසයි.

මෙම හේතු නිසා තමන් එය සිදු කළා නම ගෞරවය ලබා ගැනීම සඳහා මෙම පනත ගෙන නොඑන බවට ඥානසාර හිමියන් රජයට පවසයි.

මේ සම්බන්දයෙන් කරුණු පැහැදිලි කළ උන්වහන්සේ පැවසුවේ සිංහල ජාතිය සම්බන්ධයෙන් තීරණ ගැනීමට සිටින්නේ සුශුම්නාව බිඳුනු නායකයන් බවයි.

මැතිවරණ සමයේ ඉස්ලම් අන්තවාදය සමඟ හුරතල් නොවන ලෙසත් උන්වහන්සේ පවසයි.

රාජ්‍ය විශ්වවිද්‍යාල තුල ඉස්ලාම් අන්තවාදය උගන්වන බවට තමන්ට සාක්ෂි ඇතිව ඔප්ප කර පෙන්විය හැකි බවද ඥානසාර හිමියන් වැඩිදුරටත් අදහස් දැක්වීය.

Read more

Local News