උසස් පෙළ විභාගයේ පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර අන්තර්ජාලයෙන් අද සිට

Share

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පෞද්ගලික අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර අන්තර්ජාලය ඔස්සේද ලබාදීමට පියවර ගෙන ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සියලු සිසුන්ගේ ප්‍රවේශ පත්‍ර මේ වනවිට නිකුත් කර අවසන් බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේ.

පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර සියල්ල මේ වන විටත් පාසල් වෙත යොමුකර ඇති අතර පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ද ඔවුන්ගේ ලිපිනයන් වෙත යොමුකර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

අදින් පසුව පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කරන අතර ප්‍රවේශ පත්‍ර නොලැබුණු අයදුම්කරුවන්ට එමඟින් ද ප්‍රවේශ පත්‍ර ලබාගැනීමට හැකියාව පවතින බව සනත් පුජිත මහතා පැවසුවේය.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැරණි සහ නව නිර්දේශ අනුව පැවැත්වෙන අතර ඒ සඳහා අයදුම්කරුවන් තුන් ලක්ෂ තිස්හත්දහස් හත්සිය හතර දෙනෙකු පෙනී සිටීමට නියමිතයි.

උසස් පෙළ විභාගය අගෝස්තු 5 වන දින සිට අගෝස්තු 31 වන දින දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

Read more

Local News