කුසුම් පීරිස් මහත්මියගේ දේහයට ජනපති අවසන් ගෞරවය දක්වයි

Share

ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකාවක, ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනියක මෙන්ම ගේය පද රචිකාවියක වු අභාවප්‍රාප්ත කුසුම් පීරිස් මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(24) පැමිණියේය.

70 දශකයේ ගුවන් විදුලි ක්ෂේත්‍රයට පිවිසි කුසුම් පිරීම් මහත්මිය දැනට මාස කිහිපයකට පෙර රෝගී තත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි බව වාර්තා විය.

පසුගිය 21වනදා රාත්‍රි ඇති වු හදිසි රෝගි තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමට රැගෙන යන අතරතුර කුසුම් පිරීම් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

මුවන්පැලැස්ස ගුවන් විදුලි නාටකයේ බිනර මලී සහ නාමලී යන චරිත වලට පන පෙවූ ඇය හඬ කැවීමේ ශිල්පිනියක් ලෙසත්, ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනියක් ලෙසත් ජනාදරයට පත්ව සිටියේය.

ඇයගේ දේහය අංක 47/1, ස්වර්ණපෙදෙස, ඇල්දෙණිය, කඩවත යන ලිපිනයේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.

Read more

Local News