පොහොට්ටුවේ මන්ත්‍රිවරු පිරිසක් එජාපයට එකතු වෙයිද ?

Share

ඉදිරියේ දි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වන බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

අනුරාධපුර ප්‍රදේශයේ පැවති වැඩ සටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු විශාල මන්ත්‍රීවරුන් පිරිසසක් එක්සත් ජාතික පක්ෂය සමඟ එකතුවීමට සිටින බවත් ඔවුන්ට පැමණීම සඳහා ළඟදීම දොරවල් විවෘත කරන බවත් අමාත්‍ය පෙන්වා දුන්නේය.

2020 සිට රට ඉදිරියට ගෙන යාම සඳහා රටට ඇති වන නව අභියෝග සඳහා මුහුණ දිය වැඩපිළිවෙල සහ එම වැඩපිළිවල අවශ්‍ය නායකත්වය එක්සත් ජාතික පක්ෂයෙන් නිර්මාණය කිරීම සඳහා සකච්ඡා කර හොඳ තීරණයක් ගන්නා බව අමාත්‍ය කබීර් හෂීම් මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News