ඉන්දීය ධීවරයින් හතරක් නාවික හමුදා බාරයට

Share

නීති විරෝධි ලෙස මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ ඉන්දීය ධිවරයින් සිව් දෙනෙකු නාවික හමුදාව බාරයට ගෙන තිබේ.

ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ කෝවිලම් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී මෙම ඉන්දීය ධිවරයින් සිව් දෙනා සිය බාරයට ගෙන තිබේ.

මෙම ඉන්දීය ධිවරයින් ටොලර් යාත්‍රාවකින් පැමිණ මෙරට මුහුදු සීමාවේ ධිවර කටයුතු වල නිරත වෙමින් සිට ඇති අතර ඔවුන් ගොඩබිමට රැගෙන ඒමෙන් අනතුරුව වෛද්‍ය පරික්ෂණයකට භාජනය කර තිබේ.

ඉන්දිය ධිවරයින් වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා යාපනය සහකාර ධිවර අධ්‍යක්ෂවරයා වෙත භාරදුන් බවයි නාවික හමුදාව සදහන් කළේ.

Read more

Local News