කොල්ලකෑම් රැසකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට

Share

පිළියන්දල, විද්‍යාල මාවත ප්‍රදේශයේ දී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි සැකකරුවෙකු හෙරොයින් ග්‍රෑම් 2 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

මිරිහාන බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 34 ක් වු පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී මිරිහාන, බොරලැස්ගමුව, මහරගම, පිළියන්දල, දෙහිවල, කොහුවල, ගල්කිස්ස පොලිස් වසම්වල යතුරු පැදියෙන් ගමන් කර රන් මාල කොල්ලකෑම් 35 කට අධික ප්‍රමාණයකට සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවෙක් බවට අනාවරණය වී ඇත.

සැකකරු අද(25) දින කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මිරිහාන බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන පවත්වයි.

Read more

Local News