පාසලෙන් දුන් කිරි පැකට් පානය කළ සිසුන් කීපදෙනෙක් රෝහලට

Share

පාසලෙන් ලබා දුන් කිරි පැකට් පානය කිරීමෙන් පසුව අද (25)  වාරියපොල හේරත්ගම විද්‍යාලයේ සිසුන් 28 දෙනෙකු වාරියපොල රෝහලට ඇතුළත් කර ඇත.

උදරයේ වේදනාව හා වමනය වැනි රෝගී තත්ත්වයන් හේතුවෙන් මෙම දරුවන් රෝහලට ඇතුළත් කළ නමුත් කිසිවෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුනොවන බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

දරුවන් 1990 ගිලන්‍ රථ සේවයේ නිකවැරටිය සහ වාරියපොළ ගිලන් රථවලින්  රෝහල කරා ගෙනවිත් තිබු බව වාර්තා වෙයි.

මෙම විද්‍යාලයේ සිසුන් 300 ක් පමණ දෙනාට අද දිනයේදී කිරි පැකට් ලබාදී තිබුණද 5 වසර පංතියේ සිසුන්ට පමණක් මෙසේ රෝගී ලක්ෂණ මතුව ඇත.

මීට පෙර සිටම මෙම විද්‍යාලයේ සිසුන්ට කිරි පැකට් ලබාදී ඇතත් අද වෙනත් නිෂ්පාදන අයතනයක කිරි පැකට් ලබාදී ඇතැයි රෝගී වු සිසු සිසුවියන්ගේ දෙමාව්පියන් පවසයි.

Read more

Local News