දහඩිය හෙළන මිනිසුන් ගෞරවයට පාත්‍රවිය යුතුයි

Share

ඉදිරියේදි ලෝකයා මුහුණදෙන ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධ ගැටලුවලට ශක්තිමත් ජාතියක් ලෙස මුහුණදීම සඳහා සාම්ප්‍රදායික කෘෂිකර්මය යෝධ පිම්මක් ඉදිරියට පැන කෘෂිකර්මාන්තයක් බවට පත්විය යුතු බව කථානායක කරු ජයසුරිය මහතා පවසයි.

එහිදි නවීන කෘෂි තාක්ෂණික ශිල්පක්‍රම වහ වහා ග්‍රහණය කරගත යුතු බවත්,  කථානායක කරු ජයසුරිය මහතා පැවසිය.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (24)කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති වැවිලි සවිය ජාතික සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වෙමිනි.

තවදුරටත් භූමිය වැඩි කළ නොහැකි නමුත්, භූමියේ ඵලදායිතාව බෙහෙවින් ඉහළ නැංවිය හැකි බව කී කථානායකවරයා දහඩිය හෙළන මිනිසුන් ගෞරවයට පාත්‍රවිය යුතු බවත්, ඔවුන් උපන් බිමට බරක් නොමැති බවද සඳහන් කළේය.

රට පුරා විසිරි සිටින පන්ලක්ෂයකට අධික කුඩා තේ වතු හිමියන්  සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් ලක්ෂ 30 කට ආසන්න ප්‍රමාණයක් කුඩා තේ වතු ආර්ථිකය හරහා ස්අභිමානයක් සහිත මිනිසුන් ලෙස ජීවත් වන බවද, කථානායකවරයා පැවසුවේය.

බටහිර ජාතීන් අප මාතෘ භූමියට හඳුන්වා දුන් වැවිලි ක්ෂේත්‍රයන් ගණනාවක් අතරින් වර්තමානය වන විට තේ වගාව පමණක් ශතක්තිමත් ව පවතිනුයේ කුඩා තේ වතු හිමියන්ගේ දායකත්වය නිසා බවද කථානායකවරයා පෙන්වා දුන්නේය.

Read more

Local News