බුද්ධි අංශ ප්‍රධානීගෙන් රහසිගත ප්‍රකාශයක්

Share

රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා ඊයේ රාත්‍රියේ පැය 04ක කාලයක් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ  සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ ප්‍රකාශයක් ලබා දී තිබේ.

මාධ්‍යට විවෘත නොවූ එම සාක්ෂි සටහන් කර ගැනීම සිදුව ඇත්තේ පාර්ලිමේන්තුවෙන් පිටත ස්ථානයකදීයි.

මේ අතර පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද පෙරවුරුවේ යළි රැස්විය.

අද දිනයේ පොලිස් විශේෂ කාර්යය බලකායේ අණදෙන නිළධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය  පොලිස්පති එම්.ආර් ලතීෆ් මහතා කාරක සභාව හමුවේ ප්‍රථමයෙන්  සාක්ෂි ලබා දුන්නේය.

විශේෂ කාරක සභාව හමුවේ අද දිනයේ හිටපු පොලිස්පති එන්.කේ.ඉලංගකොන් මහතාද සාක්ෂි ලබාදීමට නියමිතයි.

Read more

Local News