කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 14ක් ජල සැපයුම අත්හිටුවයි

Share

සම්ප්‍රේෂණ නල මාර්ගයක හදිසි බිඳ වැටීමක් හේතුවෙන් කොලොන්නාව, රාජගිරිය, ඇතුල්කෝට්ටේ ඇතුලු ප්‍රදේශ කිහිපයකට අද (25) රාත්‍රි 08.00 සිට පැය 14ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාද හා ජලාපවහන මණ්ඩලය පවසයි.

කොලොන්නාව ජල තටාකයට ජලය සැපයෙන ප්‍රධාන සම්ප්‍රේෂණ නලයේ මෙම බිදවැටීම සිදුව ඇති බව එම මණ්ඩලය පවසන්නේ.

මේ හේතුවෙන් කොලොන්නාව නගර සභා බල ප්‍රදේශය, රාජගිරිය, මොරගස්මුල්ල, ඇතුල්කෝට්ටේ, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, නාවල, කොස්වත්ත සහ රාජගිරිය සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධ සියලු අතුරු මාර්ගවල ජල සැපයුම අත්හිටුවිමට නියමිතයි.

අද රාත්‍රී 08.00 සිට හෙට පෙරවරු 10.00 දක්වා මෙම ජල සැපයුම අත්හිටුවිම ක්‍රියාත්මක වන බව ජල සම්පාදන මණ්ඩලය සදහන් කළා.

Read more

Local News