මේ කාලයේ රජය දකින සිහිනය මෙන්න

Share

වෙනත් පක්ෂයකින් ජයග්‍රහණය කළ නොහැකි ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට පොදුජන පෙරමුණ කිසිසේත් එකඟ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පවසයි.

අද (25) පැවති මාධ්‍ය හමුවකදී සිය අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් සිය අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේය.

“මේ කාල සීමාව තුළ රටේ ජනතාව අවදියෙන් සිටිය යුතුයි.

මේ කාලයේ රජය පරාජය සිහිනෙන් පවා දකින කාලයක්. ඒ නිසා ඉදිරියට එන නායකයින් මර්ධනය කරන්න විවිධ කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරනවා.

ඔවුන් ජාතිවාදය පිළියමක් හැටියට යොදාගෙන  ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කරන්න උත්සහ කරනව කියල අපිට පෙනෙනවා.

දෙමළ සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතාගේ යෝජනාවලිය සහ ජාතිවාදී පදනම මත ප්‍රාදේශීය සභා වෙන් කිරීම පිළිබඳ කරුණු දකිනකොට ඒ පිළිබඳව හොඳින් පැහැදිලි වෙනවා.

භයානකම තත්ත්වය වන්නේ එක්සත් ජාතික පක්ෂය ඉදිරි දින 90 තුළ කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබීමයි. එහෙම කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේ රට ගොඩනංවන්න නෙවෙයි.

විදේශ රටවල් සමඟ සැලසුම් කොට තිඛෙන සියලූ ගිවිසුම් ඒ  දින අනුව තුළ අත්සන් කරලා ඉවර කරන්න ඔවුන්  තීරණය කරලා තිඛෙනවා. ත්‍රීකුණාමලේ ඉඳලා කොළඹට යනකම් අක්කර දහසක කොරිඩෝරය සම්බන්ධයෙන්් ගිවිසුමක් ඊට ඇතුලත්. මේ සම්බන්ධයෙන් ජනතාව අවදියෙන් සිටිය යුතුයි කියලා අපි කියන්නේ ඒකයි.

යන යකා කොරහත් බිඳගෙන යන නියාය තමයි දැන් මේ රටේ ආණ්ඩුව ගෙනියන්නෙ. ඉඩම් අක්කර ලක්ෂයක් නෙමෙයි ලක්ෂ දහයක් හරි දීලා බලයේ ඉන්න තමයි  ආණ්ඩුව දැන් උත්සාහ කරන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දයාසිරි ජයසේකර මේ දවස් වල විවිධ අදහස් ඉදිරිපත් කරමින් සිටිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණේ ඒකාබද්ධ වීමට අපි කිසිසේත්ම විරුද්ධ නැහැ.

නමුත් දිනන්න නම් දුවන්න පුළුවන්  අශ්වයෙක් දාන්න ඕනේ කියන මතයේ අපි ඉන්නවා.

එහෙම දිනන්න පුළුවන් අශ්වයෝ ගොඩක් අපිට ඉන්නවා. හැබැයි  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දිනන්න පුළුවන් අපි අශ්වයෙක් නොමැති බව රටේ ජනතාව හොඳින් දන්නවා.

අපි කියන්නේ පක්ෂ දෙක අතර සන්ධාන ගත වීමක් සිදු වෙන්නත් ඉදිරි මහ මැතිවරණයකදී එක්ව ආණ්ඩුවක් පිහිටුවන්න අපේ කිසිම ගැටළුවක් නැහැ කියන එකයි.

නමුත් ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් අපිට ගැටලූවක් තිඛෙනවා.

වෙනත් පක්ෂයකින් දිනන්න බැරි ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවට අපි කොහෙත්ම කැමැති නැහැ.

හෙට දවසේ අනෙකුත් සහෝදර පක්ෂ සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවබෝධතා ගිවිසුම් අත්සන් කරමින් සන්ධාන ගත වෙනවා.

එම උත්සවය උදේ නමයට විෙජ්රාම මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයාගේ නිල නිවෙසේ දී පැවැත්වෙන්න නියමිතයි. තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම සන්ධානයට ඇතුළත් වෙන්නේ නැහැ.

අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී අපේ කොන්දේසි වලට අනුගත වුනොත් ඔවුන්වත් අපේ සන්ධානයට එකතු කරගන්නට.

මේ වෙනකොට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  තරුණ බල මණ්ඩලය ආසන බල මණ්ඩල  කාන්තා බල මණ්ඩල සක්‍රීය කරලා තිඛෙනවා

අගෝස්තු එකොලොස් වැනිදා අපේ මහා සම්මේලනය පැවැත්වීමට නියමිතයි. අගෝස්තු 24 වැනි දා ශ්‍රී ලංකාව පොදුජන පෙරමුණ තරුණ සම්මේලනය පවත්වනු ලබනවා. අගෝස්තු 31 වෙනිදා ජාතික කාන්තා සම්මේලනය පවත්වන්න දැන් කටයුතු කරගෙන යනවා.

අගෝස්තු එකොළොස් වැනිදා නම් කරන ජනාධිපති අපේක්ෂක වරයා දහතුන් වැනිදා අනුරාධපුර රුවන්වැලිසෑය ජය ශ්‍රී මහා බෝධියත් වැඳ පුදා ගෙන දාහතර වෙනිදා මහනුවර දළදා මාලිගාව 15 වෙනිපහළොස් වැනිදා කතරගම ආගමික වතාවත්වලින්  පසුව මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරනවා.

මේ සියලූ කාරණා අතර පසුගිය මාසයේ මියගිය රණවිරුවන්ට ගෙවන වැටුපෙන් රුපියල් පහළොස් දහසක් දාහත් දහසත් අතර පමණ මුදලක් කපා හැරීමට රජය කටයුතු කොට තිඛෙනවා.

ඒ පිළිබඳව මරණයට පත් වූ රණවිරුවන්ගේ බිරින්දෑවරුන් හමුදා මූලස්ථානයෙන් විමසූ විට කියලා තියෙන්නේ එම මුදල් මියගිය රණවිරුවන්ගේ දෙමාපියන් ට ලබාදෙන බවයි.

මේ වෙලාවේ සල්ලි නැතුව ඉන්න ආණ්ඩුව මියගිය රණවිරුවන්ගේ පඩියටත් තට්ටුකරලා කියන එකයි අපිට කියන්න තියෙන්නේ

වහාම මෙම තත්ත්වය වෙනස් කරලා අහිංසක රණවිරු බිරින්දෑවරුන්ට සහන සලසන්න කියලා අපි ආණ්ඩුවට බල කරනවා.

කාදිනල් හිමිපාණ ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන්න ගිහිල්ලා ජනාධිපතිවරයා හුළෙ`ග් යන තොප්පියක් තමන්ගෙ ඔලූවට දාගත්ත. ඒ තොප්පිය කරේ දාගෙන කෑ ගැහුවා. එහෙම කරලා එලියට එනකොට මියගිය රණවිරුවන්ගෙ වැටුපට විදලා. අපි කියනවා වහාම ජනාධිපතිවරයාට මේ පිලිබඳ සොයා බලන්න කියලා.”

Read more

Local News