ගාල්ලේ පොදු දේපළ සුරකින්නැයි විරෝධතාවක්

Share

ගාල්ල, උණවටුන ප්‍රදේශයේ පොදු දේපළ රැක දෙන ලෙස ඉල්ලමින් උණවටුණ ප්‍රදේශයේ​ පදිංචිකරුවන් පිරිසක් උණවටුන පිල්ලගොඩ ප්‍රදේශයේ දී විරෝධතාවක නිරත විය.

දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයට අයත් ඉඩමක ඉදි කරනු ලබන ගාල්ල කලාපීය ගුරු ගුරු වෘත්තිය සංවර්ධන මධ්‍යස්ථානයේ ඉදිකිරීම්වලට මෙහිදී විරෝධතා එල්ල වු බව වාර්තා වෙයි.

පිල්ලගොඩ විහාරස්ථානයේ සිට විවිධ සටන්පාඨ සහිත පොස්ටර් සහ  කළු කොඩි රැගෙන පැමිණි විරෝධතාකරුවෝ පිල්ලගොඩ  ප්‍රදේශයට පැමිණ විරෝධය පල කර විරෝධතාව දියත් කර ඇත.

Read more

Local News